Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨාභයව ගේන්න කැබිනට් මණ්ඩලයේ විවාදයක්!


පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහත් උද්වේගකර කතාවක් කර ඇතැයි වාර්තා වේ. 

යුධ ජයග්‍රහණයත් චම්පිකගේ සාක්කුවේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දේශප්‍රේමයෙන් ඇවිළෙමින් අදහස් දක්වා ඇති ඒ මහතා මෙම ත්‍රස්තවාදයට ඉතාම දරුණු ආකාරයෙන් පිළිතුරු දිය යුතු බවට යෝජනා කර ඇත. එහිදී කිසිදු බලවේගයකට යටත් විය යුතු නොමැති බව සඳහන් කර ඇති ඒ මහතා මෙවන් අවස්ථාවක මානව හිමිකම් කුණු බක්කියට දැමිය යුතු බවත් ජිනීවා යෝජනා ඉරා විසිකර දැමිය යුතු බවත් අවධාරණය කර ඇත.

එසේම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමේදී තමන්ට ඇති ප්‍රවීණත්වය පැහැදිලි කරමින් 2009 යුධ ජයග්‍රහණය ද තමන්ගේ තනි සාක්කුවට දමා ගෙන අදහස් දක්වා ඇති චම්පික රණවක මහතා LTTEයට එරෙහිව තනි මතයක සිට කටයුතු කළේ තමන්ම පමණක් බවත් රාජපක්ෂලාට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ එවන් තනි මතයක් නොවූ බවත් එහෙයින් යුධ ජයග්‍රණය ලැබුණේ තමන් නිසා බවත් ඒත්තු ගන්වමින් අදහස් දක්වා තිබේ.

කපිල හෙන්දාවිතාරණවත් යළි ගේන්න සජිත්ගෙන් යෝජනා

කැබිනට් මණ්ඩලය දේශප්‍රේමයෙන් රත්ව තිබියදී තමන්ගේ රොටියත් පුච්චා ගැනීමට මැදිහත්ව ඇති අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊළඟට අදහස් දක්වමින් චම්පික රණවක මහතාගේ ප්‍රකාශයට තමන් සම්පූර්ණයෙන්ම එකඟ බව ප්‍රකාශ කර ඇත.

ඊට තවත් කරුණු එකතු කරමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා වැනි දක්ෂයින් නැවත සේවයට කැඳවිය යුතු බවටයි සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත්තේ. එය තවත් වර්ධනය කරමින් හිටපු බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ මහතාවත් යළි කැඳවීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

ගෝඨා එපාද ? - මංගල අසයි

සියල්ල අසා සිටි මංගල සමරවීර මහතා අවසානයේ කතාවට මැදිහත් වෙමින් "ඔය ඔක්කොම ගේනවා නම් ඇයි ගෝඨාභයව ගේන්නෙ නැත්තෙ? එහෙනම් ඉතිං එයාවත් ගේමු. ඉවරයි නේ ?" යනුවෙන් විමසා ඇති අතර සියල්ලන්ම නිහඬ වී ඇත්තේ ඉන් අනතුරුවය.

අවසානයේ කැබිනට් සභා තොමෝ බිම බලාගෙන විසිර ගිය බව සඳහන්ය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment