Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මධුමාදව අත් අඩංගුවට ගන්න එපා - නීතිපති : එක නීතියද මේ?


මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයින්ගේ දේපළ ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු සඳහා මධුමාදව අරවින්ද මහතා අත් අඩංගුවට ගැනීමේ වුවමනාවක් නොමැති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. 

ඒ, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මධුමාදව අරවින්ද මහතා විසින් ගොනු කර තිබුණු පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය. 

මිනුවන්ගොඩ ප්‍රහාරය එල්ල වන මොහොතේ මධුමාදව අරවින්ද මහතා එම ස්ථානයේ සිට පිටව යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද මාධ්‍ය හරහා රටටම දැක ගැනීමේ හැකියාව ලැබිණි. පසුව කළ පොලිස් විමර්ශනයේදී ද හෙළිදරව් වී තිබුණේ ඔහු එදින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන ගණනාවක සැරිසරා ඇති බවයි. ඊට යොදාගත් ජීප් රථය පවා නිවසක සඟවා තිබියදී අත් අඩංගුවට ගැණිනි. 

එහෙත් ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබියදීත් එය මඟහරිමින්, පොලිසියෙන් කට්ටි පනිමින් සිටි මධුමාදව අරවින්ද මහතාව අත් අඩංගුවට ගැනීමේ වුවමනාවක් නීතිපති දප්පුල ලිවේරා මහතාට නැත. 

ICCPR කයිවාරුව සහ කෙරුවාව 

මිනුවන්ගොඩ සහ කුරුණෑගල ප්‍රදේශවල ජාතිවාදී ප්‍රහාර එල්ල කෙරුණු පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම වැඩබලන පොලිස්පතිවරයා ද මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් රටට ප්‍රකාශ කළේ ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත (ICCPR) යටතේ චෝදනා ගොනු කෙරෙන බවත් ඒ අනුව ඔවුන්ට ඇප නොලැබෙනු ඇති බවත් චෝදනා ඔප්පු වුවහොත් වසර 10 දක්වා සිර දඬුවම් ලැබෙන බවත්ය. 

එහෙත් අදාළ ප්‍රහාර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සියල්ලන්ම අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණේ සාමාන්‍ය නීතිය යටතේ වන අතර ඔවුන්ට සති දෙකෙන් තුනෙන් ඇප ලැබිණි. ප්‍රහාරය මොහොතේ එතැන සිටි බවට වීඩියෝ සාක්ෂි සහ දුරකථන දත්ත සාක්ෂි දෙකම තිබුණු මධුමාදව අරවින්ද මහතාව අත් අඩංගුවට හෝ ගත්තේ නැත. 

නීතියේ දෙයාකාර හැසිරීම 

කෙසේවෙතත් කෙටිකතාවක් තුළින් බුද්ධාගමට අපහාස කළේය යන චෝදනාව මත අත් අඩංගුවට ගැණුනු ශක්තික සත්කුමාර නම් ලේඛකයකුට එරෙහිව නම් මේ පොලිසිය ICCPR යටතේ චෝදනා ගොනු කර ඇති අතර ඔහු අප්‍රේල් 01 වනදා සිට මේ දක්වාම එනම්, දින 74ක්ම රක්ෂිත බන්ධනාගාරගතව සිටී. 

මධුමාදව අරවින්ද යනු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ පක්ෂයේ නියෝජ්‍ය නායකවරයාය. ගම්මන්පිල යනු මේ මොහොත වනවිට ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින දේශපාලනඥයෙකි. නීතිපතිවරයා වන දප්පුල ලිවේරා මහතා ද ජනාධිපතිවරයාගේ තේරීමකි. ශක්තික සත්කුමාර යනු මේ කිසිත් නැති නිකම්ම නිකම් ලේඛකයෙකි. 

එක රටක එකම නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක වන්නේ මෙසේය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment