Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨා කියන්නේ යුද්ධෙට බයේ මේ රට දාලා ඇමරිකාවට පැනලා ගිය කෙනෙක්!


ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවයි ඒ මහතා අවධාරණය කළේ. 

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

රටේ ආරක්ෂක තත්වයට වගකීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය යුතුයැයි උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමේදී 

"රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි මම ඔය කතාව නිවැරදි කරනවා. ඒ තමයි, මට පේන හැටියට දැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉන්න දක්ෂම එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවෙක් හැටියට, නැත්නම් නිලධාරියෙක් හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයේ මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment