Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රතන හිමිට තදියම: සතියෙන් ආණ්ඩුව ගෙදර යවන සටනක්!


සිංහල මව්වරුන් 4000 ක් වඳ කළ බවට චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆි සහබ්දීන් ඇපමත නිදහස් කිරීමට කටයුතු කළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන්ට නැවත ආමත්‍ය තනතුරු ලබාදීමට කටයුතු කළ ආණ්ඩුව සතියක් තුළ ගෙදර යැවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.

ආණ්ඩුවට එරෙහිව අද කුරුණෑගලදී රතන හිමිගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක් පැවති අතර එහිදී රතන හිමි කියා සිටියේ මෙම විරෝධතාවය රටපුරා ක්‍රියාත්මක කරන බවයි. ඉන්පසු සතියක් තුළ වත්මන්‍ ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටී.

සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුව ඇති බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනාගේ පවා විවේචනයට ලක්ව ඇති බවත් රතන හිමි පවසයි. ඒ නිසා මෙම පරීක්ෂණ රහස් පොලීසියෙන් ඉවත් කර වෙනත් අංශයකට පැවරිය යුතු බව ද ඒ හිමියන් පවසයි.

මෙම ගැටලුව පිළිබඳව විශේෂ කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි නමුත් එම කොමිසම පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ආත්ම ශක්තියක් නොමැති බව ද රතන හිමි පවසයි.




 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment