Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨා බාප්පි අපි කියපු දේ ඇහුවෙ නෑනෙ. දැන් සනීප ඇති - යෝෂිත සහ රෝහිත.

     
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය අසාර්ථක වීම සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටුවන පිරිස අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ මහතා සහ රෝහිත රාජපක්ෂ මහතා ද සිටිති. 

ඒ, මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය තමන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව ගෝ‍ඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ බැවිනි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබන සමයේදීම එහි ගිය යෝෂිත සහ රෝහිත මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය තමන්ට ලබාගැනීම සඳහා මූලික සාකච්ඡා පවත්වා තිබිණි. එසේම ඔවුන් මීට සම්බන්ධ කරගැනීමට සැලසුම් කරගෙන සිටි භාතිය - සන්තුෂ් ගායකයින් ද සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මීට අදාළ ප්‍රසන්ටේශන් එකක් ද සිදුකර තිබිණි. 

එහෙත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා තෝරාගත්තේ තමන්ගේ සමීප මිතුරු දිලිත් ජයවීරගේ ප්‍රචාරණ ආයතනයයි. 

රුපියල් බිලියන ගණනක් වටිනා ප්‍රචාරණ කොන්ත්‍රාතුව දිලිත්ට හිමිවීම නිසා අමනාපයෙන් සිටි යෝෂිතට සහ රෝහිතට මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය අසාර්ථක වීම විනෝදයක් වී තිබේ. 

"කෝ, අපි කිව්වට ගෝඨා බාප්පි ඇහුවෙ නෑනෙ. සති දෙකෙන් කැම්පේන් එක ඉවරයි. ගොඩගන්න බැරිවෙන්න හොම්බෙන්ම ගිහින් තියෙන්නෙ කැම්පේන් එක. දැන් සනීප ඇති. 

ඕක තමා අපි වැඩේ කරන්න පුළුවන් මිනිස්සු එක්කරගෙන ඇවිත් සිංහලෙන් කිව්වෙ. ඇහුවෙ නෑනෙ. අර දිලිත්ව ලොකු වුණා. 

ටීවී චැනල් එකක්, රේඩියෝ චැනල් එකක්, පත්තරක් තිබ්බා කියලා ඉලෙක්ෂන් කැම්පේන් කරන්න බෑ. ඒකට විශන් එකක් තියෙන්න ඕනෙ. අනික තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැන හොඳ ස්ටඩී එකක් තියෙන්න ඕනෙ. "

"දිලිත්ට පුළුවන් මඟුල තමා. අර 2015 මහමැතිවරණෙට යූ.එන්.පී. කැම්පේන් එකත් කළේ. යූඑන්පී එකට ආණ්ඩුවකුත් තියාගෙන කැම්පේන් කරලත් අන්තිමේ මොකද වුණේ ? සීට් 106යි. තනියෙන් ආණ්ඩුවක් හදාගන්න සීට් ගාණවත් ගන්න බැරිවුණා. දිලිත්ලගේ කැම්පේන් එකේ තරම එච්චර තමා. 

ඒගොල්ලොන්ට අලුත් ට්‍රෙන්ඩ්ස් තේරෙන්නෙ නෑ. එයාලත් දැන් වයසයි" 

"අනික 2015 ජනාධිපතිවරණෙ පැරදුණේ අපෙ කැම්පේන් අවුලක් නිසා කියලත් සමහරු කියලා තිබ්බා, එදා කෙළවුණේ අර බොදුබල සේනාවක් අල්ලන් නටන්න ගිය නිසා මිසක් අපේ වැරැද්දකින් නෙවෙයි. එව්වා කරපු අයටම මතක ඇති" යනුවෙන් ඔවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය අතර මේ පිළිබඳව ඇතිවූ සංවාදයකදී ප්‍රකාශ තිබෙන බවයි වාර්තා වූයේ. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment