Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සන්ධානයේ තීරක බලය පොහොට්ටුවට: දිනේශ්, විමල්, ගම්මන්පිල කලකිරීමෙන්!

     
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන කුඩා පක්ෂ කිහිපයක් එක් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් මැතිවරණ පෙරමුණක් බිහිකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. 

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ මෙම නව සන්ධානය පිහිටුවීමට ඊයේ (29) පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බවයි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ. 

එම සන්ධානයේ පාලනය විධායක සභාවකට පැවරෙන අතර එහි 55%ක නියෝජන බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමටත් සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම සන්ධානයේ ලේකම් ධුරය ද පොහොට්ටුවම හිමිවීමටත් නියමිත බව සඳහන්. 

බැසිල් ජයගනී 

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි තීරණ අනුව මෙසේ සන්ධානයේ තීරක බලයට සෙසු පක්ෂවලට බලපෑමක් කිරීමට නොහැකි පරිදි එහි ව්‍යවස්ථාව සකස් කිරීමට අවසානයේ එකඟ වීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේශ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ට සිදුව ඇති හෙයින් ඔවුන් කලකිරීමෙන් පසුවන බවත් වාර්තා විය. 

මන්දයත් දේශපාලන වේදිකාවල ඔවුන් කෙතරම් වටිනාකමක් ඉසිළුව ද මින් ඉදිරියට නව සන්ධානය තුළ ඔවුන්ට හිමිතැන තීරණය කරනු ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් බැවිනි. 

කුඩා පක්ෂවලට නටන්න දෙන්න බෑ 

විශේෂයෙන් මැතිවරණ සඳහා සන්ධාන ලැයිස්තුවෙන් නාම යෝජනා ලබාගැනීමේදී මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගැනීමෙදී ද කුඩා පක්ෂවලට එතරම් සැලකිල්ලක් මින් ඉදිරියට හිමි නොවනු ඇති අතර තමන්ගේ ව්‍යාප්තිය සීමා කිරීමට මෙසේ බැසිල් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පක්ෂවලට කරකියා ගන්නට දෙයක් ද නොමැති වී තිබේ. 

සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමේදී ප්‍රධාන පක්ෂයේ ඡන්දවලින් වැඩි මනාප ලබමින් ජන පදනමක් නොමැති පක්ෂවල නියෝජිතයින් වැඩි වශයෙන් තේරීපත්වීම වැළැක්වීමට බැසිල් රාජපක්ෂ මහතාට මුල පටන්ම දැඩි වුවමනාවක් පැවති අතර ඔහු සෑම අවස්ථාවකදීම උදාහරණ ලෙස පෙන්වා දී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 39 දෙනෙකු පාර්ලිමේන්තු පැමිණි 2004 සන්ධානයයි. එවැන්නක් යළි සිදුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු හෙයින් පළමු පියවරේ පටන්ම ප්‍රධාන පක්ෂයේ බලය තහවුරු විය යුතු බව ඔහු තරයේ අවධාරණය කර තිබිණි. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment