Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහායත් ගෝඨාට!

     
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි ස්වයංපාලන ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ, උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල්ගේ සහාය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබේ. 

ඊයේ (07) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේ එතැනට පැමිණි වර්ධරාජා පෙරුමාල් මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන බව ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තු මන්ත්‍රී සිටින ඩිලාන් පෙරේරා මහතා ද එම අවස්ථාවට සහභාගී විය. 

ගෝඨාභය රාජපක්ෂ මහතා බොහෝදුරට ශ්‍රීලනිප සහ පොහොට්ටු සන්ධානයේ අපේක්ෂකයා වනු ඇති බවත් ඔහුට තමන්ගේ සහාය හිමිවන බවත් එස්.බී. දිසානායක මහතා පෙරේදා දිනයේදී ප්‍රකාශ කළේය. 

ඊයේ දිනයේදී ඒ පිළිබඳ වැඩිවිස්තර සඳහන් කරමින් පැවැත්වූ මාධ්‍ය හමුවෙන් අනතුරුව එහි පැමිණ සිටි වර්ධරාජා පෙරුමාල් මහතාගෙන් ගෝඨාභයට සහාය දෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ අපේක්ෂකයා කවුරුන්ද යන්න මේ වනතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන අපේක්ෂකයාට තමන්ගේ සහාය ලබාදෙන බවයි. 

ඉදිරි ජනාධිපතිවරණයේ කඳවුරු දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පුද්ගලයාගේ කඳවුර සහ මහින්ද රාජපක්ෂ මහතාගේ තේරීමෙහි කඳවුර වශයෙන් බව පෙන්වා දුන් වර්ධරාජා පෙරුමාල් මහතා තමන්ගේ සහාය හිමිවන්නේ එජාපයට විරුද්ධ පාර්ශ්වයට බවයි අවධාරණය කළේ. 

ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් EPRLF සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල්, ඉන්දු - ලංකා ගිවිසුම අනුව පිහිටවූ උතුරු නැගෙනගිර පළාත් සභාවෙහි මහ ඇමති ධුරයට 1988 දෙසැම්බර් 10 වනදා පත්වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි පූර්ණ ආශිර්වාදය ද සහිතවය. මහ ඇමතිවරයා වශයෙන් පළාත් සභාව තුළ දෙමළ ජාතික හමුදාවක් ද නිර්මාණය කිරීමට කටයුතු කළ වර්ධරාජා, ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට සූදානම් වූ මොහොතේ 1990 මාර්තු 01 වනදා ස්වයංපාලන ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඉන්දියාවට පැන ගියේය. 

ඒ අනුව මින් ඉදිරියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙහි උග්‍ර ඊළාම් විරෝධීන් වන ගෝඨාභය රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, කමල් ගුණරත්න, මහාචාර්ය නලින් ද සිල්වා වැනි අය සමඟ ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ වර්ධරාජා පෙරුමාල් ද එකට සිටින ආකාරය දැක ගැනීමට හැකිවනු ඇත. මෙතෙක් වර්ධරාජා පෙරුමාල් දරුණු බෙදුම්වාදියකු ලෙස, රෝ ඔත්තුකාරයකු ලෙස හැඳින්වූ රාජපක්ෂ හිතවාදී දිවයින ඇතුළු මාධ්‍ය දැන් ඔහුව දේශප්‍රේමියකු ලෙස බෞතීස්ම කරනු ඇත. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment