Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨාගේ ප්‍රචාරණය හුළං බහිද්දී වාසුගේ මස්සිනාත් වැඩට කැඳවයි!


සැබෑ දෙමළ ජාතිකයකු කිසිවිටෙකත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා නොදෙන බවත් ඒ, ඔහු සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසා බවත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා වෙතය. 

ප්‍රතිඵල නැති තැන සුපුරුදු ජාතිවාදයට 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතියේ පළමු පියවර සිතූ තරම් ප්‍රතිඵල අත්කර නොදෙමින් අවසන් වූ බව එම ව්‍යාපෘතියේම විශෙෂඥයින් විසින් පිළිගෙන ඇති බව අපි මීට පෙර වාර්තා කළෙමු. ඒ අනුව ඔවුන් සිරවී සිටින්නේ මින් ඉදිරියට කුමක් කරන්නේද යන ප්‍රශ්නය ඉදිර්යේය. 

සුළු ජාතීන්ගේ ඡන්ද දිනාගැනීම ජයග්‍රහණය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් හෙයින් ඒ පිළිබඳ වැඩි නැඹුරුවක් දැක්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ අංශය සහ විශෙෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබුණත් දකුණේ පවා ගෝඨා වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු වූ රැල්ල නිර්මාණය නොවුණු තත්වයක් තුළ ආපසු සුපුරුදු ජාතිවාදී දේශපාලනය වෙතම හැරෙන්නට ඔවුන් තීරණය කර තිබේ. 

මහින්දගේ විරෝධය

එහෙත් මෙය තාවකාලික පියවරක් ලෙස දියත් කිරීමටත් ඉතාම ප්‍රවේශම් සහගතව තමන්ගේ ඇඟේ නොගාගෙන කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා තරයේ උපදෙස් දී ඇති බව සඳහන්. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ මස්සිනා වන විග්නේශ්වරන් මහතා යොදවමින් දකුණේ සමාජය කැළඹීමට සහ දෙමළ විරෝධය යළි උත්සන්න කරවීමට හැකි ප්‍රකාශයක් නිකුත් කරවා ගැනීමට ඔවුන් තීරණය කර ඇත. 


ඒ හරහා "දෙමළාට එරෙහි සිංහල වීරයා" ලෙස පෙනී සිටිමින් සිංහල ජනතාව ගෝඨා වෙත ආකර්ශනය කරගැනීම මෙහි උපක්‍රමය වේ. 

විග්නේශ්වරන් ගෝඨාට එරෙහිව සහ ගෝඨාගේ "සිංහල බෞද්ධ රාජ්‍යය" සංකල්පය ඉහළින්ම අවධානයට ලක් කරමින් දෙරණ සහ හිරු මාධ්‍ය ආයතන වෙත ප්‍රකාශයක් ලබා දෙන්නේත් එම මාධ්‍ය ආයතන ඊට අදාළව තමන්ට දිය හැකි ඉහළම ප්‍රචාරණය ලබා දෙන්නේත් ඉහත කී සැලැස්මට අනුවය. 

උතුරේ මතය

මේ සම්බන්ධයෙන් උතුරේ දේශපාලනයෙහි නියැළෙන දේශපාලනඥයකු අප වෙත සඳහන් කළේ ගෝඨාට ඡන්දය නොදිය යුතු බවක් උතුරේ ජනතාවට කියා දෙන්නට විග්නේශ්වරන් වුවමනා නැති බවත් විග්නේශ්වරන් කියනා සිංහල බෞද්ධ කතාව නැතත් ගෝඨාට ඡන්දය නොදී සිටීමට තවත් ඕනෑ තරම් හේතු දෙමළ ජනතාවට තිබෙන බවත්ය. 

එසේම දෙමළ ජනතාව වෙත කිවයුතු දෙයක් ඇත්නම් එය උතුරට පැමිණ නොකියා දෙරණ සහ හිරු යන සිංහල භාෂා නාලිකා වෙත කීම ලෝක විහිළුවක් බවයි ඔහු පෙන්වා දුන්නේ. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment