Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එජාප අර්බුධයේ නිර්මාතෘ මංගල: ගෝඨාගෙන් මංගලට උපහාර!

     
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම කාර්ය ලෙස මංගල සමරවීර මහතාට උපහාර පිදිය යුතු බවට තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට හට ගෙන තිබෙන  අර්බුදයේ නිර්මාතෘවරයා මංගල සමරවීර මහතා වන හෙයින් තමන් එලෙස පවසන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. 

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදය තවදුරටත් සිය පාර්ශවයේ ජයග්‍රහණය තහවුරු කරමින් සිටින බවද කනක හේරත් මහතා පැවසුවේය. 

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශ වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන එජාප පතාක යෝධයන් කිහිපදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ  මහතාට සහය දීමට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට වෙනත් කෙනෙක් අපේක්ෂකත්වයට ඉදිරිපත් වුවහොත් අද මාතර රැළියේ සිටින ඉදිරිපෙළ කිහිපදෙනෙක්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට නියමිත බවයි කනක හේරත් මහතා සඳහා කළේ. 



කෙසේවෙතත් මෙවර ජනාධිපතිවරණය ජනතා පරමාධිපත්‍ය පසෙක තබා එකම නරි නාටකයක් වන බව නම් පෙනෙන්නට තිබේ. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment