Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

තාත්තා අන්තිමට කළ දේ මුලින්ම කරන ලෝක පූජිත සජිත් පුතා!


1956 දී එක්සත් ජාතික පක්ෂය ආසන අටටම කඩාගෙන වැටුණු අවස්ථාවේදී එය යළි ගොඩගැනීමේ සටනට රණසිංහ ප්‍රේමදාස මහතා ද එක්වූයේය. එහෙත් එවකට එජාපය යනු කොම්ප්‍රදෝරු රදළයින්ගේ පැළැන්තියේ පක්ෂයයි. 

උඹට පිස්සුද ප්‍රේමදාස ?

ප්‍රේමදාස වැන්නෙක් තමන් අතරට ඒම ගැන රදළ පැළැන්තියේ ඩඩ්ලි සේනානායකලා, සර් ජෝන් කොතලාවලලා, ජේ.ආර්. ජයවර්ධනලා කැමැත්තක් දැක්වූයේ නැත. ඇත්තෙන්ම ඔවුන්ට වුවමනා වී තිබුණේ ප්‍රේමදාස ඔහු අයත් කඳවුර වෙත තල්ලුකර යැවීමටය. 

වරක් ඩඩ්ලි සේනානායක මහතා රණසිංහ ප්‍රේමදාස මහතාට සෘජුවම ප්‍රකාශ කර තිබුණේ "Are you mad Premadasa ? Go and join with Banda. You'll have a future there" යනුවෙනි. එනම් "උඹට පිස්සුද ප්‍රේමදාස ? ගිහින් බණ්ඩාට එකතු වෙයන්. උඹට එතන අනාගතයක් තියෙයි" යනුවෙයි. 

එහෙත් රණසිංහ ප්‍රේමදාස පක්ෂය අතැර යාමට සිතුවේවත් නැත. ඔහු වෙහෙසුණේය. දැඩි කැපවීමකින් පක්ෂය වෙනුවෙන් වෙහෙසුණේය. රට පුරා ගමන් කරමින් පක්ෂය ගොඩනැඟීමට තම උපරිම දායකත්වය ලබා දුන්නේය. 

ප්‍රේමදාසගේ සටන 

ඒ අතරම කොළඹ මහනගර සභාව හරහා පැමිණි තම දේශපාලන ගමන ද ස්ථාවර කරගන්නට ඔහු සමත් විය. 1960 සහ 65 පාර්ලිමේන්තු මැතිවරණවලින් ජයගනිමින් ඩඩ්ලි සේනානායක මහතාගේ ඇමති මණ්ඩලයේ පළාත් පාලන හා ගුවන්විදුලි නියෝජ්‍ය අමාත්‍ය තනතුරත් පසුව පළාත් පාලන අමාත්‍ය තනතුරත් දැරුවේය. 

අනෙක් අතින් පුරවැසි පෙරමුණ පිහිටුවමින් සිය දේශපාලන ව්‍යාපෘතිය ඒ හරහා ද දියත් කළ ප්‍රේමදාස මහතා 1970දී එජාපය ලද දැවැන්ත පරාජයෙන් අනතුරුවත් 1977 ජයග්‍රහණය වෙනුවෙන් උපරිම ක්‍රියා කළේය. සැබැවින්ම 1977 එජාප මැතිවරණ වේදිකාවේ රිදී සීනුව වූයේ ප්‍රේමදාසය. වඩාත් නිවැරදිව කිවහොත් 1977 හයෙන් පහක බලයක් ලබාගත් ජේ. ආර්.ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට කරපිට හිඳුවාගෙන රටවටා ගෙනගියේ ප්‍රේමදාස විසිනි. 

ඔහු මින් අනතුරුව ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක සමඟ ගැටුම් ඇතිකර ගනිමින්ම වුවත් පක්ෂය තුළ තමන්ගේ ස්ථානය තහවුරු කරගත්තේය. 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රේමදාසට අගමැති තනතුර දුන්නේ කැමැත්තකින් නොවේ. ප්‍රේමදාස ජේ.ආර්.ව බිත්තියටම හේත්තු කළ නිසාය. එහෙත් ඔහුට ඒ අයිතිවාසිකම කියන්නට හැකිවූයේ ජේ.ආර්.ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව කරතබාගෙන රටපුරා ගිය ඉතිහාසයක් ඔහුට තිබුණු නිසාය. ජේ.ආර්.ට ප්‍රේමදාසව ප්‍රතික්ෂේප කළ නොහැකි වූයේ ඇත්තටම ප්‍රේමදාස වැඩේ කර පෙන්වූ නිසාය. 

එහෙත් සජිත් ? 

පියාගේ අඩිපාරේ යන්නට දේශපාලනයට එක්වූ බව කියන සජිත් ප්‍රේමදාස කළේ පක්ෂය එක්වී පක්ෂ සාමාජිකත්වය ගෙන වසර කිහිපයක ඇවෑමෙන් පක්ෂය තුල පිය උරුමය ඉල්ලා සිටීමය. රට පුරා යනවා තබා හම්බන්තොට තිස්සමහාරාමයෙන් පිටට අඩියක් නොතිබූ ප්‍රේමදාස කළේ පරම්පරා උරුමය අනුව තමන් රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා නිසා තමන් එජාප නායකත්වයට සුදුසු බව තැන තැන තමන්ම කීමය. 

කිලී මහාරාජාගේ රූකඩයක් වීම

තාත්තා මෙන් පක්ෂය නඟා සිටුවනවා වෙනුවෙට සජිත් කළේ තම පෞද්ගලික ප්‍රතිරූපය පුම්බා ගැනීමය. ඒ සඳහාත් ජනතාව වෙත යනවා වෙනුවට සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධානී කිලී මහාරාජාගේ තුරුළට යාමය. තමන්ට ප්‍රබල පෞරුෂත්වයක් නොමැති හෙයින් අවසානයේ කිලී මහාරාජාගේ රූකඩයක් වීමය. 

ජනතාව අතරට ගොස් පක්ෂයත් දිනවා තමන්ගේ දේශපාලන ගමනේ තනතුරු උපයා ගන්නවා වෙනුවට සජිත් කළේ යටිකූට්ටු දේශපාලන චරිතයක් කවුරුන් හෝ ඒ ඒ මොහොතට අදාළව භාවිතා කරමින් පක්ෂය සහ පක්ෂ නායකත්වයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමය. 

දැන් සජිත් තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබිය යුතු බව කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සිරස මාධ්‍ය ජාලයේ ශක්තිය පෙන්වමින් පක්ෂය බිත්තියට හේත්තු කිරීමට උත්සාහ දරමින් සිටී. රණසිංහ ප්‍රේමදාස ජේ.ආර්.ව බිත්තියට හේත්තු කළේ පක්ෂය දිනවා පෙන්වීමෙන් අනතුරුව අන්තිමේදීය ය. සජිත් පක්ෂය බිත්තියට හේත්තු කරන්නට උත්සාහ කරන්නේ ඒ කිසිවක් නැතිව මුලින්මය. 

සජිත්ගේ ඉදිරි පෙළ ගෝලයෝ

එයත් කරන්නට හදන්නේ මෙලෝ රහක් නැති අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ වැනි මන්ත්‍රීවරුන් පෙරටු කරගෙනය. 

රණසිංහ ප්‍රේමදාස තාත්තාගේත් සජිත් ප්‍රේමදාස පුතාගේත් වෙනස මේකය. සජිත් හරහා රණසිංහ ප්‍රේමදාසගේ ක්‍රියාකාරීත්වය යමෙකු බලාපොරොත්තු වන්නේ නම් එය සිහිනයක්ම පමණක් බව ඔහුම ඔප්පු කර තිබේ. 

සජිත් සිය පිය උරුමය ලෙස ගෙන එන්නේ පියාගේ නම පමණි. පියාගේ වැඩ ඔහු ළඟ නැත. පියාගේ කාර්යශූරත්වය, කැපවීම, අධිශ්ඨානය මේ කිසිවක් සජිත්ට පිහිටා නැත. යටිකූට්ටු ගේම් හරහා බලයට ශෝට්කට් හොයන සජිත් යනු සජිත් ප්‍රේමදාස කෙනෙකු නොව සජිත් වැඩබැරිදාස කෙනෙකි. එය ඔප්පු කර ඇත්තේ ද ඔහු විසින්මය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment