Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මුස්ලිම් කඩවලට සිංහල මිනිස්සු ගෙන්නගන්න නම් ගෝඨාට සහාය දෙන්න ඕනෑ - විමල්.


මුස්ලිම් සමාජයට අවශ්‍ය බියෙන් සැකෙන් තොරව බඩු ගැනීම සඳහා තමන්ගේ ව්‍යාපාරික ස්ථානවලට සිංහල මිනිසුන් පැමිණෙන රටක් නම්, ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. 

එසේ මුස්ලිම් කඩවලට බියෙන් සැකෙන් තොරව බඩු ගැනීමට සිංහල ජනතාව පැමිණෙන රටක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවයි වීරවංශ මහතා සඳහන් කළේ. 

ශ්‍රී ලංකාවට ඇමරිකානු හමුදාව මැදිහත් කිරීම සඳහා රට තුළ හදිසි තත්වයක් නිර්මාණය කිරීමට ඇමරිකාවට අවශ්‍ය වූ බව පැවසූ ඒ මහතා සහරාන් හෂීම්ලා බෝම්බ පුපුරුවා ගත්තේ ඒ වුවමනාව අනුව බවත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිංහල ජනතාව නොගිය නිසා සහ ඊළඟ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටි ත්‍රස්තවාදීන්ව අත් අඩංගුවට පත්වූ නිසා එය වැළැක්වුණු බවත් ප්‍රකාශ කළේය. 

එහෙත් නැවත හදිසි තත්වයක් නිර්මාණය කිරීමට ඇති විභවය කෙසේ හෝ පරාජයට පත් කරමින් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද තීරු තීරුවලට බෙදෙන්නට ඉඩ නොදී ගෝඨාභය රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරවීම ජනතාවගේ වගකීමක් බවත් ඒ මහතා පැවසීය. 

කෙසේවෙතත් වීරවංශ මහතාගේ ප්‍රකාශය අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රචාරණ ව්‍යාපෘතිය සඳහා මුස්ලිම් විරෝධය ඇවිළවීමට තීරණය කර ඇති බව ඔප්පු වන අතර අනෙක් අතට මෙය මුස්ලිම් සමාජය වෙත වක්‍රාකාරයෙන් එල්ල කළ සියුම් තර්ජනයක් ලෙසත් දැකිය හැකිය. 

එමෙන්ම පසුගිය යුගයේ ක්‍රියාත්මක කෙරුණු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පසුපස සිටි දේශපාලන බලවේගය මේ හරහා ඉතාම පැහැදිලිව කරළියට පැමිණ ඇති බවත් පෙනේ. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment