Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

තමුසෙලා වැඩ කරන්නෙ මටද? මහින්දගෙන් ජී.එල්ට සහ සරත්ට ගෝරනාඩුවක්!


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේත් මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පැහැදිලි හැකියාවක් පවතින බවට නීතිමය තර්කයක් ඉදිරිපත් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව තම නීති උපදේශකයින් වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගෙන් සහ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කර තිබේ. 

එහිදී ඔවුන් දෙදෙනා එකහෙළාම මෙම නීති තර්කය ප්‍රතික්ෂේප කර තිබේ. 

"මේක මේ පදනමක් ඇති කතාවක් නෙවෙයි. මෙව්වා ගණං ගන්න ඕනෙ නෑ. අපි දැන් කරන විදියට වැඩේ කරගෙන යං. අනික මේ පොඩි කොල්ලෙක්නෙ ඕක කියලා තියෙන්නෙ. අපි නීති විශාරදයෝ. ඕක අතෑරලා දාන්න" යනුවෙන් ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව වැඩි තැකීමක් නොකරමින් සහ කිසිදු නීතිමය කරුණක් ද ඉදිරිපත් නොකරමිනි. 

මෙය ඇසූ මහින්ද රාජපක්ෂ මහතා අධික කෝපයෙන් පුපුරා හැළෙන්නට පටන් ගෙන ඇත. 

"අනේ තමුසෙලාගෙ විශාරදකම් මං දන්නෙ නැද්ද ? ගිය අවුරුද්දෙත් ඔහොම ලොකු කතා කියාන තමයි පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙට යන්න පුළුවන් කිව්වෙ. අන්තිමේ මොකද වුණේ ?

දෙයක් කරන්න පුළුවන් නම් ඒක කිව්වෙ පොඩි එකක්ද ලොකු එකක්ද කියන අදාළ නෑ ඕයි. ඒක කරන විදියයි බලන්න ඕනෙ. තමුසෙලා ඒකට, කට ඇරියොත් බෑ, බෑ, බෑ. නාකි එළුවො වගේ හරියට. 

තමුසෙලා වැඩ කරන්නෙ මටද ? නැත්තං අරූටද ? මට චාන්ස් එකක් තියෙනවා නම් ඒක නැති කරන්නද තමුසෙලාට ඕනෙ ? මං මේ මේක කරන්න පුළුවන් විදියක් හොයද්දි තමුසෙලා නිකං පූච්චානං කියවන්න එනවා. තමුසෙලාගෙන් තාම නීති උපදෙස් ගන්න මටයි පිස්සු. යනවා පව් නොදී යන්ට. මං කොහොම හරි මගේ වැඩේ බලාගන්නම්" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා නීතිය පිළිබඳ මහාචාර්යවරයාට සහ හිටපු අගවිනිසුරුට බැනවැදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment