Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සියලු පව් මහින්දට පටවා ගෝඨාව සුද්ද කරගන්න - ඇමරිකන් විශේෂඥයින්ගෙන් උපදෙස්.


පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ ඇතැම් අපකීර්තිමත් සිද්ධි සැඟවිය නොහැකි බැවින් ඒවායේ සමස්ත වගකීම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පවරා ගෝඨාභය රාජපක්ෂ මහතා නිකැළැල් චරිතයක් සහිත පුද්ගලයකු වශයෙන් ප්‍රවර්ධනය කළ යුතු බව ගෝඨාගේ ප්‍රචාරණ මෙහෙයුම භාරව සිටින ඇමරිකානු විශේෂඥයින් විසින් තරයේ අවධාරණය කර ඇතැයි වාර්තා වේ. 

2005 - 2015 අතර කාලය තුළ සිදුවුණු ඇතැම් අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් අධිකරණ ඉදිරියේ කෙසේවෙතත් සමාජය ඉදිරියේ කරුණු ඔප්පු වී ඇති බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට හෝ සාධාරණීකරණය කිරීමට යාම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට දැඩි සෘණාත්මක බලපෑමක් කරනු ඇති බවට ඔවුන් අනතුරු හඟවා තිබේ. 

දිනන්න නම් කැපකිරීම් කරන්න වෙනවා 

එහෙයින් කළ හැකි වඩාත්ම සුදුසු දෙය වන්නේ එවකට ආණ්ඩුවේ ප්‍රධානියා වූ මහින්ද රාජපක්ෂ මහතා වෙතම සියලු වගකීම පවරා ගෝඨාව නිදහස් කරගෙන, ගෝඨා යනු මහින්දට වඩා වෙනස් චරිතයක් බවත් ඔහු එවැනි වැරදි නොඉවසන සහ ඒවාට ඉඩ නොදෙන චරිතයක් බවත් ප්‍රකාශයට පත්කිරීම බවයි එම විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ. 

මෙම තරමක් සංවේදී කරුණක් වුවත් මෙය කිසිසේත්ම එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ප්‍රශ්නයක් වශයෙන් නොගත යුතු බව අවධාරණය කර ඇති ඔවුන් මෙය ඉතාම තීරණාත්මක මැතිවරණයක් අභියස කෝටි එක හමාරක ජනතාව අතරින් බහුතරයේ කැමැත්ත දිනාගැනීමේ උපායමාර්ගයක් වශයෙන් අවබෝධ කරගත යුතු බව ද අවධාරණය කර ඇත. 

පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනයේ සහ වෙළඳ ප්‍රචාරණයේ එන න්‍යායාත්මක සංකල්ප ඇසුරින් මෙය පැහැදිලි කර ඇති විශේෂඥයින් මෙවැනි අසීරු අවස්ථාවක යම් යම් කැපකිරීම් සිදුකිරීමටත් යම් යම් හානි දරාගැනීමටත් සිදුවන බවත් ඒත්තු ගන්වා තිබේ. 

මෙහි ඇති වැදගත්කම තේරුම් නොගන්නේ නම් දැනටත් පසුබෑමකට ලක්ව ඇති සමස්ත ප්‍ර‍චාරණ ව්‍යාපෘතියම දැවැන්ත ප්‍රහාරයකට ලක්ව, ඊට මුහුණදීගත නොහැකි තැනකට මැතිවරණය ආසන්න වනවිට පැමිණිය හැකි බවට අනතුරු හඟවා ඇති ඔවුහු දැන්ම තියා මේ ප්‍රශ්නයෙන් ගොඩයෑම අනාගතය සුරක්ෂිත කරගැනීමක් බවත් සඳහන් කර තිබේ. 

එසේම මෙවැනි වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ දුර්වලතා සහිත බැවින් අනාගත ගෝඨාභය පාලනයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට තීරක බලයක් හිමිනොවන බව ද ප්‍රචාරණය කළ යුතුයැයි ඔවුන් නිර්දේශ කර ඇත. 

නිර්දේශ ක්‍රියාවට නැඟේ 

මෙම ඇමරිකානු විශේෂඥයින්ගේ නිර්දේශ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ අභ්‍යන්තර කවය හමුවේ දීර්ඝව සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කරවීමට ඔවුන් එකඟ වී තිබෙන බවත් වාර්තා විය. 

මහින්ද රාජපක්ෂ මහතාට ගෝඨාගෙන් හිමිවන්නේ නාමික අග්‍රාමාත්‍ය තනතුරක් බවට ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට සියලු විධායක බලතල හිමිවන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක බලයක් හිමි නොවන බව උදය ගම්මන්පිල මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේත්, මහින්දගේ පාලන සමයේ සිදුවූ වැරදි යළි සිදුවීමට ගෝඨා ඉඩ නොතබන බව විමල් වීරවංශ මහතා විසින් එම මාධ්‍ය හමුවේදීම ප්‍රකාශ කෙරුණේත් ඉහත කී විශේෂඥ නිර්දේශ අනුව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment