Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අහිංසක ජීවිත 300ක් අහිමි කළ මහා කුමණ්ත්‍රණයට වසරයි.


මිනිස්සුන්ගේ ජීවිත 300 ගානකට ජීවිත අහිමි කරපු ඒ කාළකන්නි සිදුවීමට සෘජුවම බලපෑ එක් හේතුවක් වූ, ජනාදිපති සිරිසේන විසින් මීට හරියටම අවුරුද්දකට කලින් කරපු ඒ ජඩ වැඩේට අදට හරියටම අවුරුද්දයි..!

කෝ අද සිරිසේනව මරන්න ආපු උන් කෝ..? නාමල් කුමාර කෝ..? මාකදුරේ මදුෂ්ටනේ කොන්ත්‍රාත්තුව දුන්නා කිව්වේ..දැන් ඌත් හිරේ. අනිත් උනුත් ඉන්නවා..කෝ දැන් ඒ කතාව..කෝ ඒ ඝාතන කුමන්ත්‍රණය..?

අපේ රටම මේ දේවල් ඇසිය යුතුයි.

ඔබ මතක් කරගන්න, මේ සිදුවීමෙන් පසුව තමයි "මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා" වගේ,

1. මුලු රටක්ම අදුරේ දමමින් හුදෙක්ම තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමේ බල ව්‍යාපෘතියක් බවට මුලු රටක්ම අනාත කොට සමස්ත රටම අකර්මණ්‍ය කල හැටි මතකද..?

2. රටේ ආරක්ශක කවුන්සිලය රැස්කලේ නෑ..
අප්‍රේල් 8 දින ආපු බුද්ධි තොරතුරු පිලිබදව සොයාබැලීම වෙනුවට කලේ තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් දේවල් කිරීමයි.

3. සහරාන් නමැති ත්‍රස්තවාදියා ගැන තොරතුරු රැස්කොට ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න තිබියදී තමන්ව බොරු චෝදනාවක් එල්ල කොට, අත්අඩංගුවට ගත් බවට පොලිස් ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රදානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියා සිටියේ.

අන්තිමට වුනේ ඒ මහා විනාශයයි..!

ව්‍යවස්ථා කුමන්ත්‍රණනයක් කොට පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම සදහා මුලු රටම ලෝකය ඉස්සරහ අසරණ කල හැටි මතකද..?

මහජන මුදල් නාස්ති කරමින් පාර්ලිමේන්තුවේ නටපු නාඩගම් මතකද..?

(දිලුම් අමුණුගම + ප්‍රසන්න රණවීර + විමල් වීරවංශ + නිරෝෂන් ප්‍රේමරත්න + ජොන්ස්ටන් ප්‍රනාන්දු +අරුන්දික ප්‍රනාන්දු +රංජිත් සොයිසා + මහින්දානන්ද අලුත්ගමගේ + ආනන්ද අලුත්ගමගේ + ශෙහාන් සේමසිංහ + පද්ම උදයශාන්ත + සනත් නිශාන්ත + ජයන්ත සමරවීර
සදාදරණීය විරුවන් සමගින් හරි හරියට තරඟ වැදුනු,
රන්ජන් රාමනායක + පාලිත තෙවරප්පෙරුම + නවීන් දිසානායක + හරීන් ප්‍රනාන්දු + සිඩ්නි ජයරත්න + චන්දිම ගමගේ +ද යා ගමගේ + ජේසී අලවතුවල + හෙක්ටර් + චමින්ද විජේසිරි වැනි සදාදරණීය විරුවන්වත් සිහිපත් කරගන්න.)

කොටස් වෙළෙඳපල බලා සිටියදී කඩන් වැටී මුලු රටේම ආර්ථිකය බන්කොලොත් කල හැටි මතකද..?

ඒ නිසා හොදට ඔක්තෝම්බර් 26 දිනය මතක් කරගන්න.
රටම අනාත කල , රටම මලගෙයක් කල, තාමත් මිනිස්සු අඩවන ඒ පාස්කු ප්‍රහාර සිදුවීමට මූලික වුනු අද දවස හොදට මතකෙ තියාගන්න..ඒ දේවල් වලට වගකිවයුතු නිවරැදිම ඝාතකයන්ව හොදින් අදුරගන්න..!

(අද වෙනකොට දේශපාලුවන්ව මාගේ මතකයෙන් ඉවත්කොට දමා ඇත. දේශපාලනය මට අදාලම නැත.එහෙත් නැතිවුන ජීවිත වලට බලපෑ එක් හේතුවක් ලෙස මෙම ඔක්තෝම්බර් 26 සිදුවීම අදාලවී ඇති බවට ඔප්පු වී හමාර නිසා මෙම සටහන තැබුවෙමි.)

✍ මිහිඳු ෆොන්සේකා

පසු සටහන...
අප්‍රේල් සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. සහරාන් කියකන්නේ මේ වසරේ අප්‍රේල් 21 වනදා මතුවුණ කෙනෙක් නෙමෙයි. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මේ අන්තවාදියා කාන්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව බියවද්දමින් අනෙකුත් මුස්ලිම් ජනතාවට හිරිහැරකරමින්, ආගමික ම්‍යස්ථාන ගිනි තබමින් උන්මත්තක ක්‍රියාවලියක නියැලී තිබෙනවා. මොහුව කිහිප විටක්ම අත් අඩංගුවට ගන්න පොලීසිය ක්‍රියාකිරීමේදී, ඩෙහශපාකයින් 2012 - 2013 ඉඳන්ම මොහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා. මඩකලපුවේ වව්නතිව් හි පොලිස් නිලදාරින් නැති කළ අවස්ථාවේ මහා භීතිකාවක් දකුණේ ඇති කළා. එල් ටී ටී ඊ සමාජිකයින් පිරිසක් අත් අඩංගුවටත් ගත්තා. එය කලේ සහරාන් ඔහුගේ සහෝදර රිල්වාන්, මිල්හාන්, ආමි මොහිදීන් නමින් හදුන්වන අන්තවාදි මුස්ලිම් කණ්ඩායම කියන එක දැන් තහවුරුවී තිබෙනවා. මේ කණ්ඩායමට මේ කටයුත්ත කරගන්න බොහෝ අය උදව්කර තිබෙනවා.

පසුගිය 2015 මැතිවරණයේදි හිස්බුල්ලා ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙක් අන්ත වාදීන්ගේ ජන්ද ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙලෙසින් අන්තවාදීන් හුරතල් කර තිබෙනවා. 2012, 2013 කාලයේදි රටේ බුද්ධි අංශ තවුහිද් ජමාත් යන අන්තවාදී ක්‍රියාවලියට පඩි ගෙවා නඩත්තු කර තිබෙනවා. මුස්ලිම් ජනයා අතර යම් නොසන්සුන් තත්වයක් ඇති කරන්න ක්‍රියාකර තිබෙනවා.

ජනවාරි ඉඳන් අප්‍රේල් 21 වෙනකල් මාස 4 තිබුනෙ ජනාධිපති සිරිසේන පිළිනොගත්ත රනිල් අගමැතිගේ ආණ්ඩුව. [ආරක්ෂක ඇමති හා නීතිය හා සාමය පිළිබඳ ඇමති, (පොලිස් දෙපාර්තුමේන්තුව + ත්‍රස්ත විමර්ශන අංශය, රාජ්‍ය බුද්ධි සේවය,අපරාධ පරීක්ෂ දෙපාර්තුමේන්තුව,පොලිස් විශේෂ කාර්යය බලකාය බාරව සිටින ඇමති) + සේනාධිනායක සිරිසේන.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment