Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨාගේ කන්තලේ වේදිකාවෙනුත් ශ්‍රීලනිප සංවිධායිකාව හූ තියා පන්නයි!



ඊයේ (28) කන්තලේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ රැළිය ඇමතීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සංවිධායිකා ආරියවතී ගලප්පති මහත්මියට ද පොහොට්ටු පාක්ෂිකයින්ගෙන් නොනවතින හූ හඬක් අසා ගැනීමට සිදුවනු දක්නට ලැබිණි. 

"මේක හූ කියන එකක් නෙමෙයි. හූ කියන්න බෑ, හූ කිව්වොත් බැහැලා යනවා ! ඒක නිසා මේ කියන්නෙ මේක හූ කියන එකක් නෙවෙයි." යනුවෙන් පවසමින් සිය කතාව කරගෙන යාමට ඒ මහත්මිය උත්සාහ දැරුව ද පොහොට්ටු පාක්ෂිකයින්ගේ හූ හඬ නතර නොවූ නිසා "හරි, තමුන්නාන්සෙලාම කියාගන්නකො" යනුවෙන් පවසා ඒ මහත්මිය කතාව නවතා සිය අසුනට ආපසු ගියාය. 

මෙහිදී රැස්වීමේ සංවිධායින් වටවී ආපසු සභාව අමතන ලෙස ඉල්ලා සිටියත් ඒ මහත්මිය ඊට එකඟ නොවූ අතර නිවේදකයා විසින් ඒ මහත්මියගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලදී. 

මීට පෙර පොහොට්ටු වේදිකාවට ගොඩවූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකටමත් මේ ඉරණමට මුහුණදීමට සිදුවිය. 

[LNW]


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment