Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශෂීන්ද්‍රගේ රාජයෝගය යළි පොහොට්ටු කරළියේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවට ඒ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. 

මීට හේතුවී ඇත්තේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ජන්ම කේන්ද්‍රයෙහි බලවත් රාජයෝගයක් පිහිටා තිබීමයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාව පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කරගෙන ඉදිරියට පැමිණීමේදී දිගින් දිගටම බාධා එල්ල වීමට මූලික හේතුවක් ලෙස ඒ මහතාට රාජයෝගයක් නොතිබීම ද පොහොට්ටුවේ ඉහළ බලධාරීන් අතර සාකච්ඡාවට භාජනය වී ඇති බව සඳහන්. 

ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමටත් පෙරම ගෝඨාභය මහතා බරපතළ ලෙස රෝගාතුර වීම, ප්‍රචාරණ ව්‍යාපෘතියේ පළමු අදියරම නොසිතූ ලෙස අසාර්ථක වීම, නොසිතූ ලෙසම මාධ්‍ය හෝ ජනතාව අතරට යාමට ගෝඨාභය මහතාට අපහසුතා ඇතිවීම, ඒ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්වීම, බලාපොරොත්තු නොවූ ලෙස ශ්‍රීලනිපය සමඟ සන්ධානය බිඳවැටීම යනාදී කරුණු සලකා බැලීමේදී මේවාට ජ්‍යෝතිෂ්‍යමය හේතූන් බලපා ඇතැයි යන්න මඟ නොහැරිය හැකි බව පොහොට්ටුවේම නායකත්ව කණ්ඩායමක් විසින් පෙන්වා දී ඇත. 

විශේෂයෙන්ම ගෝඨාභය මහතාට රාජයෝගයක් නොමැති බව දිවයිනේ ප්‍රකට දෛවඥයින් විසින් අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇති බවත් ඔවුන් සිහිපත් කර තිබේ. 

ඒ අනුව රාජයෝගයක් ඇති බව වසර ගණනාවක සිට රටේම ප්‍රචලිත වී ඇති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව විකල්ප අපේක්ෂකයා ලෙස කරළියට ගෙන එන්නේ නම් එය සමස්ත පක්ෂයටම සුබ ඵල මෙන්ම නව ජවයක් එකතු කරනු ඇති බවත් පාක්ෂිකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමට එය මහත් පිටුබලයක් වනු ඇති බවත් ඔවුන් අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

අනෙක් අතින් ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා ද තරුණ දේශපාලනඥයකු වන බැවින් ශෂීන්ද්‍රට ඔහු සමඟ ඉතාම හොඳින් සටනට පිවිසිය හැකි වීමත් කතරගම දේවාලයෙහි බස්නායක නිලමේ වශයෙන් ඔහු සතුව තිබූ ආගමික පසුබිම මෙන්ම ඔහු රාජපක්ෂ පරපුරේ උරුමය ප්‍රදර්ශනය කරමින් රෙද්ද බැනියම අඳින, කුරහන් සාටකය පළඳින අයකු වීමත් යන කාරණා ද අතිශයන් තීරණාත්මක ලෙස බලපෑ හැකි බවත් ඔවුන් අවධාරණය කර ඇත. 

කෙසේවෙතත් පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් වාර්තා විය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment