Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'ඔයාට කොන්ද පණ නැහැ' : නිමල් සිරිපාලගෙන් ජනාධිපතිට වාග් ප්‍රහාරයක්!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊයේ (07) පැවති මධ්‍යම කාරක සභා රැස්වීම ඉතා තීරණාත්මක සහ උණුසුම් තත්ත්වයක පැවති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. 

ශ්‍රීලනිප මධ්‍යම කාරක  සභාව දෙපිළ බෙදී සිටීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති අතර ජනාධිපතිවරණයේදී කුමන පාර්ශවයට සහය දෙන්නේද යන්න තීරණයක් ගැනීම තවදුරටත් කල් දමමින් සිටින්නේ මෙම බෙදීම හේතුවන් බව සඳහන්. 

විශේෂයෙන් ඊයේ දින පැවති රැස්වීමේදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉතා උස් හඩින් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ ශ්‍රීලනිපය පොහොට්ටුවට සහය දිය යුතු බවයි. 

වාර්තා වන අන්දමට දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායම ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තීන්දුවක් ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටියි. 

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දිය යුතු බවට නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු පැහැදිලි කරමින් අවධාරණය කර ඇති නමුත් අනෙක් පසින් එල්ල වී තිබෙන දැඩි විරෝධය ජනාධිපතිවරයා තවදුරටත් නිහඬ කිරීමට සමත්ව ඇති බව සඳහන්. 

සිය ඉවසීමේ සීමාව ඉක්මවා සිටි නිමල් සිරිපාල ද සිල්වා මහතා "කෙළින් තීරණයක් ගන්න ඔයාට කොන්ද පණ නැහැ" යන්නෙන් ජනාධිපතිවරයාට වචන වලින්ම දමා ගසා තිබේ. 

තවදුරටත් ඉවසා ගත නොහැකිව "කොහොමත් ඔයා පොහොට්ටුවේ ස්ටේජ් එකට නගින්නේ නැති තරමට හොඳයි. පොහොට්ටුවට තියෙන ජන්ද ටිකත් ඔයා නැග්ගොත් නැතිවෙනවා" යනුවෙන්ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිවරයාගේ මුහුණටම පවසා ඇති බව සඳහන්. 

නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මෙම වාග් ප්‍රහාරයෙන් කැළඹී ඇති සෙසු කණ්ඩායමද  තවදුරටත් සිය ස්ථාවරයේ වෙනසක් නොකිරීමට කටයුතු කර ඇත.

කෙසේවෙතත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී පවසා ඇත්තේ තමන් තනිව හෝ පොහොට්ටුවට යන බවයි. 

ඒ අනුව අද (08) උදෑසන වන විට ජනාධිපතිවරයා තීන්දුවකට නොපැමිණිය හොත් මාධ්‍ය සාකච්ජාවක් පවත්වා තමන් පොහොට්ටුවට එකතු වන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර තිබෙන බවද වාර්තා විය. 

බදුල්ලේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ කැමැත්තත් අරගෙන

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ශ්‍රීලනිපයේ බදුල්ල ආසන බලමණ්ඩලය කැඳවා ශ්‍රීලනිපය පොහොට්ටුවට එකතු විය යුතු බවට වන කැමැත්ත ලබා ගෙන තිබේ. 

එහිදී ඔහු සිය පාක්ෂිකයන්ට පවසා ඇත්තේ පොහොට්ටුවට එකතු වීමට කැමති නම් අත ඔසවා එය ප්‍රකාශ කරන ලෙසයි. 

ඒ අනුව බදුල්ල ආසන බලමණ්ඩලය නිමල් සිරිපාල මන්ත්‍රීවරයාගේ ඉල්ලීමට සුභවාදී ප්‍රතිචාරයක් දක්වමින් අත  ඔසවා එකඟතාව පළකර තිබේ.

සිය ආසන බලමණ්ඩලය තමන්ගේ තීන්දුවේම සිටින හෙයින් ඒ බව කොළඹට ගොස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දෙන බව සිය පාක්ෂිකයන්ට පවසා ඇත. 

නිමල් සිරිපාලගේ ආශාව 

නිමල් සිරිපාල ද සිල්වා මහතා පොහොට්ටුවට එකතු වීමට මේ තරම් දැඩි උත්සාහයක් ගනිමින් සිටින්නේ ඔහුගේ හිතේ කොනක තිබෙන බලාපොරොත්තුවක් නිසා වෙන් බව ඒ පිළිබඳ තතු දන්නෝ පවසති. 

අවසාන වරට හෝ ලබන මහ මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තු පැමිණීම  නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අපේක්ෂාව වන බවයි ඔවුන් සඳහන් කරන්නේ. 

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමෙන් තමන්ට එම අවස්ථාව අහිමි වන බව දන්නා හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හෝ රැකගැනීම වෙනුවෙන් ඔහු දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව සඳහන්. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment