Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සාගල - ගෝඨා කපුකම කාවන්ගෙන්: කැම්පේන් එක ලීක් කරන්නේ රසික ජයකොඩි.


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් තම පක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිගටම ප්‍රචාරය කරමින් සිටින අතර මේ කතාවට පාදක වන්නේ අමාත්‍ය සාගල රත්නායක මහතා බවට මේ වනවිට කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. 

ඒ අනුව සාගල රත්නායක මහතාව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධ කිරීමේ කපුකමෙහි නිරත වී සිටින්නේ සාගලගේ සොයුරු කාවන් රත්නායක මහතා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

කාවන් රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පාර්ශ්වයෙන් ඥාතීත්වයක් තිබීම ද මීට බලපා ඇති බව සඳහන්. 

කෙසේවෙතත් මේ දේශපාලන දීගය ද සිදුවන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය වසර හතරක් තුළ නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධ සමීකරණය විසඳෙනු ඇත. එනම්, එවකට අධිකරණ ඇමතිවරයාව සිටි විජේදාස රාජපක්ෂ සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශ (FCID) ප්‍රධානී රවී වෛද්‍යාලංකාර යන දෙදෙනාම මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එළිපිටම මැතිවරණ කටයුතුවල යෙදී සිටින අතර අඩුවට සිටින්නේ එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වූ සාගල රත්නායක මහතා පමණි. 

කෙසේ නමුත් මේ වන විට කාවන් රත්නායක මහතාගේ කීකරු ගෝලයෙක් වන රසික ජයකොඩි නැමැත්තා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම සඳහා එක්ව එහි තොරතුරු ගෝඨාභය පාර්ශවය වෙත ලබා දෙමින් සිටින බව ද වාර්තා වේ. 

මෙම පුද්ගලයා ක්‍රිශාන්ත හිස්සැල්ලට අයත් එසියන් මිරර් නම් වෙබ් අඩවියක රහසිගත කතුවරයෙකු ලෙස සේවය කරන බව ද නොරහසකි.

කෙසේ නමුත් මෙවන් ට්‍රෝජන් අස්සයන් තම රෙද්ද අස්සේ දමා ගත හොත් සජිත් ප්‍රේමදාසටත් සිදු වන්නේ ඉතිහාසයේ තවත් මහා පාවා දීමක වින්දිතයෙක් වන්නටය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment