Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බෝම්බ කථාව ගෝඨාගේ මිලිටරි කල්ලියේ කුමන්ත්‍රණයක්!


ඊස්ශ්‍රායෙලය ලෝකයේ  වැඩිම බෝම්බ ප්‍රහාර ගනනකට මුහුන දුන් රටයි. සාමාන්‍ය ජනයා ඉලක්ක කොටගෙන එල්ලවන බෝම්බ  නිරන්තරව එහි ක්‍රියාත්මකය. බෝම්බ ප්‍රහාර වලින් ආරක්ෂා වීම උදෙසා  නිසි  ක්‍රම වේදයක් එහි ඇත. බෝම්බ බියක් ඇති වූ පසු වාහන පාක් කිරීම ගැන හතර බීරි කථා කියන්නේ  නැත. සැක කටයුතු දෙයක් පිලිබදව තොරතුරු  ලැබුනු විගස  ඔවුන් කරන්නේ එය වැටලීම පමනක් නොවේ. තොරතුරු ලබා දුන් පුද්ගලයාද හඹා යයි. අදාල තොරතුර සත්‍ය නම්  මුදලින්  හෝ වෙනත් ඉල්ලන දෙයක්  ත්‍යගයක්  ලෙස ඔහුට හිමිය. තොරතුර අසත්‍ය එකක්  නම් තොරතුර ලබා දුන් පුද්ගලයා නිදහස් කරන්නේ  නිසි විමර්ශනයකින් පසුවය.

පාස්කු බෝම්බයෙන් පසු පොහොට්‍ටුකාරයන් පෑ ගෝනි සෙල්ලම්

පාස්කු බෝම්බයෙන් පසු රට පුරා බෝමබ බියක් පැතිර ගියේය. දකුනේ තැනින් තැන ඊයම් කොල එතූ ගඩොල් බාග මතු විය. වයර් කෑලි මූට්‍ටු කළ පුස් ගැජමැටික් හමු විය. මේවා තැබූ පුද්ගලයන් අතේ මාට්‍ටු වූවොත් මිස පොලීසිය කිසි විටෙක විමර්ශන  නොකළේය. පුස් බෝමබ තැබීමට ගොස් අසුවූ සියල්ලන් පොහොට්‍ටු ක්‍රියාකාරීන්ය . තවද පාස්කු බෝම්බයෙන් පසු පාසැල් කටයුතු අඩාල කිරීම සදහා විශේෂ මෙහෙයුමක් පොහොට්‍ටු කාරයන් දියත් කොට තිබුනි. පොහොට්‍ටුවෝ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට  දුරකථන ඇමතුම් දෙමින් ඔවුන් තුල භීතියක් ඇති කළහ.

ගෝටාගේ වැඩ බැරි මිලිටරි කල්ලිය මීට පෙරද පාසැල්වල බෝම්බ තැබූහ

පොහොට්‍ටු කාරයන්ගේ වැඩ කට කථා පැතිරවීමට පමනක් සීමා නොවිනි. පාසැල් තාප්පය හෝ වැට අස්සෙන් ජීව උන්ඩ, අත් බෝමබ සහිත පාර්සල් විසි කොට ගියහ. යම් හෙයකින් හය හතර නොදත් දරුවෙකු අත් බෝම්බයක පින් එක ගැලවූයේ නම්  නිකරුනේ ජීවිත ගනනාවක් නැති වීමට ඉඩ තිබුනි. පොහොට්‍ටු කාරයන් ඒවා ගැන සිතුවේ නැත . ඔවුන්  ඉහලින් ලැබුනු ”ඕඩරය” ක්‍රියාත්මක කළහ. නමුත් අකිල පොහොට්‍ටු ගෝනි සෙල්ලමට තිත තැබුවේය. අකිල නොබියව   පාසැල්  විවෘත කලේය. අකිල ඒ හරහා ලකුනු දාගැනීමට ගියේ  නැත . නමුත් කුමන්ත්‍රණය මෙහෙය වූ  මහින්ද පාසැල් අස්සේ රිංගා ලකුණු දා ගැනීමට ගියේය.

ඡන්දය ආසන්න වන විට මතු වූ බෝම්බ බිල්ලා

ඡන්දය ආසන්න වීමත් සමගම යලිත් රට පුරා සැක කටයුතු පාර්සල්  මතු විය. ඔක් 4 මොර‍ටුව රාවතාවත්තෙන් අත් බෝම්බ තුනක් හමුවිය . හිරු සහ දෙරණ  අත් බෝම්බ වලට  විශාල ප්‍රචාරයක් දුන්නේය. එපමනක් නොව  හමුදාව අදාල  බෝම්බ නිෂ්ක්‍රීය කල බව කීවේය.  අත්බෝම්බ වල නිෂ්ක්‍රීය කිරීමට දෙයක් නැති මුත් ඔවුන් එවන් කථාවක් කීවේ ජනයා තුල භීතියක් ඇති කිරීමටය. ඉන් අනතුරුව ඔක් 16  බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේ බෝම්බයක් ඇතැයි විදුහල්පතිට තොරතුරු ලැබුණි. එදිනම ගම්පහ මිරිස්වත්ත පාසැල අසලද  සැක කටයුතු පාර්සලයක් ඇතැයි  පනිවිඩයක් ලැබුනි.

රුවන් ගුනසේකරයාගේ හතර බීරි කථාව

බෝම්බ ඇතැයි විදුහල්පතිවරුන්ට ලැබුනු තොරතුරු  සාවද්‍ය ඒවාය. නමුත් සාවද්‍ය තොරතුරු දුන් පුද්ගලයන් පිලිබදව පොලීසිය පරීක්ෂණ කළේ නැත. තම වගකීම් අමු අමුවේ පැහැර හැරි පොලීසිය අද අමුතු කථාවක් කියා ඇත . වාහනයක් නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා තැබිය යුතු බව කියයි. එසේ කළ නොහැකි නම් 119 අමතා දැනුවත් කල යුතු බව කියයි. තවද වාහනයේ රියදුරුගේ දුරකථන අංකය වාහනයේ දර්ශනය වන පරිදි තැබීම අනිවාර්ය කොට ඇත. ඊට අවනත නොවන වාහන පිලිබදව බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කරනු ඇති බව කියයි. මූ මේ නොකියා කියන්නේ එවන් වාහන පුපුරුවා හරින බවය.

බෝම්බ තියන්නේ ගෝටාගේ මිලිටරි කල්ලියේ හුලගට තරු ගැසූ වැඩ බැරි  ටාසන්ලාය

මේ වන විට ගෝටා සිය මැතිවරණ සටන අල කරගෙන හමාරය. ගෝටා සෑම සතියකම ඥාන අක්කාගේ දේවාලයට රිංගන බව කීවොත් ඔබ විශ්වාස නොකරනු ඇත . නමුත් කථාව ඇත්තය. මේ වන විට ඥාන අක්කා, ප්‍රභාකරන් සහ සහරාන් ගෝටාගේ ත්‍රිවිධ රත්නය බවට පත්ව ඇත. අද  රටේ තැනින් තැන බෝම්බ තියන්නේ අන් කිසිවෙකු නොව ගෝටාගේ මිලිටරි කල්ලියේ හුලගට තරු ගැසූ වැඩ බැරි  ටාසන්ලාය. කරුණු එසේ හෙයින්, සිය මූලික වගකීම් පැහැර හරිමින් ජනයා භීතියට පත් කරන පොලීස්පති සහ  රුවන් ගුනසේකර පිලිබද වහාම පරීක්ෂණයක් කළ යුතුය.

(තුෂාරා වන්නිආරච්චි)


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment