Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වීරවංශගේ ස්වයං වින්දනය


ඇමරිකාවේ සහශ‍්‍ර සංවර්ධන අභියෝගතා ආයතනය විසින් පිරිනමනු ලබන ඩොලර් මිලියන 480 ක ආධාර මුදලින් සිදුවන්නේ මෙරට මහාමාර්ග,ඉඩම් සහ පරිසර සංරක්ෂණය හා සංවර්ධනයයි. විශේෂයෙන් යටිතල පහසුකම් සංවර්ධන තුළින් රටේ මානව සම්පතට සංවර්ධිත වටිනා කමක් හිමි කර දීම මෙහි අපෙක්ෂාවයි.

ඇමරිකාවට ලංකාව අල්ලන්න  ඕනෙද?
එහෙම අවශ්‍යතාවයක් ඇත්නම් මේ ආකාරයේ මහා පරිමාණ සමාගම් ඔය තරම් කාලයක් බලා සිටින්නේ නැත. අපහසුවෙන් වුව ඉටු කළ යුතු හා ඉටු කළ හැකි ඔය ආකාරයේ නිර්ණායකයන් ඉදිරිපත් කරන්නේද නැත. රටට ඇතුලූ විය හැකි නම් ඔවුන් ඉදිරිපත් කරන්නේ සරල හා පහසු නිර්නායකයන් හා දැවැන්ත මුදලකි.

මෙහි වෙනස ඇත්තේ නිර්ණායකයන් කෙතරම් සංකීර්ණ වුවද ඊට සාපේක්ෂව මුදල අඩු වීමයි. එහෙයින් වීරවංශලා කියන ආකාරයේ ඇමරිකන් කාරයෝ රටට ඇතුල් වෙනුනේ නැති බව ඉ`දුරාම කිව හැකිය.
දැන් බොහෝ දෙනා කියන්නේ ඇමරිකන් කාරයෝ මේ එන්නේ හො`දකට නොවයි කියාය. එහෙම කියන අය කියන්නේ මෙහෙම උදව් කරන්නේ මොකක් හෝ බලාපොරොත්තුවක් ඇතුළේ තබා ගෙන බවය. 
ඔහෙම බලාපොරොත්තු ඇතුෙල් තියාගෙන උදව් කරන්නට අවශ්‍ය නම් මුලින් කියූ පරිදි කොන්දේසි දැමිය යුතු නැත. මිලේච්ඡ්ත්වය රජ කර තිබූ මහින්ද රාජපක්ෂ යුගයේදීම මෙය ඉටු කරන්නට තිබිණ’‘ එහෙත් එකල තිබූ ඒකාධිපති පාලනය හා දූෂණය හේතුවෙන් මේ සංවිධාන ලංකාවට ආධාර දෙන්නට පැකිලූණේ ඉන් කිසිම ප‍්‍රගතියක් ජනතාවට අත් කර දීමට රාජපක්ෂ පවුල කටයුතු කරන බව සක්සුදක්ම දන්නා බැවිනි. 

මේ ගිවිසුම තුළින් ඇමරිකන් හමුදාව ලංකාවට ඇතුලූ වී රටේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවත් ලංකාවේ කාන්තාවන් දූෂණය කරනු ඇති බවත් කියන අමනයින් තමන්ගේ ලක්මවට සිදු කරනුයේ බලවත් අසාධාරණයකි. සංවර්ධනය අපේකෂාවෙන් සිටින ජනතාවට බලවත් අසාධාරණයකි.

මෙම ගිවිසුම තුළ ඍජු හෝ අර්ධ යුධමය කටයුතු ස`දහා මෙහි කිසි`දු ආධාරයක් ලබා නොදිය යුතුය.
ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම් වලට බලපෑමක් එල්ල නොවිය යුතුය.
පරිසරය සම්බන්ධ හෝ වෙනත් සමාජ විෂමාචාරයන්ට ඉඩ නොතැබිය යුතුය.

කාන්තා හා ළමා ආරක්ෂාව තහවුරු විය යුතුය යනුවෙන් පමණක් නොව ගබ්සාව වැනි දේවල් පවා සිදු නොවිය යුතු බවට සහතික කර ඇත.
ඔහෙම ත්තවයක් ලිඛිතව පවා තිබියදී මිනිසුන් අවුස්සන්නට තමන්ගේ බොරු සමාජ ගත කරන දේශපාලකයන් තව දුරටත් ශ‍්‍රී ලාංකේය දේශපාලනයේ තබා ගත යුතු දැයි ගැටලූවකි. විමල්ලාට ඇත්තේ ඇමරිකානු විරෝධී ස්වයං වින්දනයකි. ස්වයං වින්දනයෙන් සුරාන්තයට පත් වන්නට උත්සාහ දරන වීරවංශලාට මේ ඇමරිකන් ගිවිසුම හො`ද සෙක්ස් ස්ටෝරියක් වන්නට පුලූවන.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment