Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇමරිකාව ගැන ප්‍රසිද්ධ විරෝධතා එපා : ගෝඨාගෙන් අලුත් නියෝගයක් !

ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී ඇමරිකාව ඊට ඈඳා නොගන්නා ලෙස පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
ඇමරිකානු විරෝධයක් දැක්වීම ජනාධිපති මැතිවරණය සඳහා වාසියක් බව සිතනවා නම් එය පොකට් මීටිං සඳහා යොදාගත යුතු බවත් ඒ හැර ඇමරිකානු විරෝධීබවක් ප්‍රසිද්ධ වේදිකාවේ හෝ වීදි උද්ඝෝෂණ සඳහා යොදා ගැනීම තමන්ටත් හානි ගෙන දෙන්නක් බවත් එහිදී ඔහු දන්වා ඇතැයි ද වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මේ දැනුම්දීම සිදුකර ඇත්තේ ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමේ වළකින ලෙස රජයට බල කිීරීමේ විරෝධතාව සම්බන්ධව අදහස් දක්වමින්ය. 
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති එම උද්ඝෝෂණය මව්බිමේ  සුරක්ෂිතතාව  උදෙසා  සංවිධානය නමින් දියත් කර තිබූ අතර එම  අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ   ඇතුළු කිහිපදෙනකු  පැමිණ ඇත.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment