Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඉන්න හිතෙන රටක් හැදීම..කොයි රජයෙත් යුතුකමක් කථානායක - කරු ජයසූරිය


‘සෑම තරුණයකුටම තරුණියකටම ආත්ම ගෞරවයක් සහිතව ජීවත් විය හැකි ‘ඉන්න හිතෙන රටක්’ හැදීම රජයක යුතුකම බව කථානායක කරු ජයසූරිය ඉකුත් 5වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ශාලාවේ පැවැති යොවුන් සම්මාන උළෙල අමතමින් පැවැසුවේය.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් තරුණ තරුණියන් මව්රට හැරගොස් විදෙස් රටවලට සේවය කරන්නේ ඔවුන්ට එවැනි රටක් අහිමි වූ විට බවත්, බුද්ධිගලනය වැළැක්වීමට නම් සාමානාත්මතාව රජයන අවස්ථාවක් බහුල රටක් නිර්මාණය කළ යුතු බවද කථානායකවරයා එහිදී පැවැසුවේය.
ජාතික යෞවන සම්මාන උළෙල අමතමින් කථානායකවරයා මෙසේද පැවැසීය.
‘යම් පුද්ගලයකුගේ ජීවිතයේ තියුණුම අවධිය තාරුණ්‍යයයි. මේ අවධියේදී තාරුණ්‍යය කොහොමද යන්නේ කියලා විතරක් නෙමෙයි. රට යන්නේ කොතැනටද කියන එකත් තීරණය වීමට තරුණයන්ගේ ක්‍රියාකලාපය හේතු වෙනවා. තාරුණ්‍යය ඉතාම සටන්කාමීයි. හැඟීම්බරයි, උද්වේගකරයි, ඒ වගේම නිර්මාණශීලීයි. එය නිවැරදි දිසාවකට යොමු කරමින් පවත්වන මෙවන් යෞවන සම්මාන උළෙලවල් අතිශයින්ම වැදගත්.
විශේෂයෙන්ම ආර්ථික විෂමතාව මගින් ඇති කරන දුප්පත්කමේ පවුර බිඳගෙන යාම සෑම තරුණ තරුණියකටම ජීවිතේ දිනාගන්න පුළුවන් එකම මාර්ගය තමයි අධ්‍යාපනය. වත්මන් රජය මගින් ඇති කළ වැදගත් ප්‍රතිසංස්කරණයක් විදියට ‘වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීම’ දේශපාලනයෙන් තොරව කවුරුත් අගය කරන්න ඕන. මින් ඉදිරියටම හෝඩිය පන්තියෙන් ඇතුළු වන සෑම දරුවෙක්ම පාසලෙන් පිටවෙන්නේ වසර 13ක අධ්‍යාපනය නිම කළ සුදුසුකම් සහිත කෙනෙක් විදිහට.
තවත් වසර කිහිපයක් යනකොට දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ජාති ආගම් භේදයක් නොමැතිව සෑම දරුවෙක්ම උසස් පෙළ සමතෙක් කරන්න පුළුවන් නම් ඒ තුළින්ම බොහෝ විෂමතාවලට පිළිතුරු ලැබෙනවා.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment