Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වැඩිහිටියන්ට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් - සජිත් ප්‍රේමදාස / ගෝඨාභය ආවොත් විද්‍යාපීඨ වහනවා - අගමැති රනිල් වික්‍රමසිංහ



වැඩිහිටි පරපුර සඳහා ලබාදෙන රුපියල් 2000ක වැඩහිටි දීමනාව රුපියල් 3000 දක්වා වැඩිකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
වියලුව කන්දකැටිය, බණ්ඩාරවෙල, වැලිමඩ යන නගරවල පෙරේදා (06 වැනිදා) පස්වරුවේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලිවලට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ පැවැසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මෙසේද කියා සිටියේය.
වැඩිහිටි පරපුර සඳහා ලබාදෙන රුපියල් 2000/-ක වැඩිහිටි දීමනාව රුපියල් 3000/- දක්වා වැඩිකර වැඩිහිටි පරපුර සුරැකීම සඳහා විශේෂ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර කළගුණ දක්වනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියලුම යෝජනා 16 වැනිදායින් පසුව මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා. අත දිගහැර මුදල් වියදම් කර ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කරන්න කෝටි ප්‍රකෝටි ගණන් ගසා කාපු මුදල් අපි ළඟ නැහැ. අපහසුවෙන් මුද්‍රණය කරන කොටසක් ඉදිරි කාලයේදී ඔබ අතට පත්වෙනවා.
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජාතික සංවර්ධන ජනාධිපති කාර්ය සාධක ඒකකයක් පිහිටුවනවා. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර්මාන්තපුර වැඩසටහන, තාක්ෂණික විද්‍යාලය, නොමිලේ පොහොර, ජනසවිය, සමෘද්ධි, පාසල් දරුවන්ට දිවා ආහාර, නිල ඇඳුම්, සපත්තු බෙදාදීම වැනි වැඩසටහන් සහ ඔබලාගේ ප්‍රදේශවල ආරම්භ කරන සංවර්ධන වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාද නැද්ද යන්න දිනපතා එම ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සොයා බලනවා. මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් සිදුනොකළ සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය ලබාදී ව්‍යාපාර සංවර්ධන කර ගැනීමට අතහිත දෙනවා. වෙළෙඳාම් කටයුතුවල සහ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින ප්‍රජාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීම මගින් තවත් රැකියා අවස්ථා බිහිකර ගමේ තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දීමටත් කටයුතු කරනවා.
බණ්ඩාරවෙල රෝහල දියුණු කරලා නවීන තාක්‍ෂණික උපකරණ දීලා ජනතාවගේ සෞඛ්‍යය නංවනවා. උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් සියලු දෙනාට වන්දි ගෙවීම අධීක්‍ෂණය කරනවා. බණ්ඩාරවෙල වාහන තදබදය නිම කරනවා. ඇල්ල සංචාරක කලාපයක් ලෙස දියුණු කරනවා. ගොවියන්ගේ තත්ත්වය ඉහළට ගන්න වැඩ කිරීම තුළින් ආහාර ගේන එක නවත්තලා අපේ කෘෂි නිෂ්පාදන පිට රට පටවන්න ඕන. නවීන උපකරණ ගොවියාට ලබාදී නව භෝග වලින් රට ස්වයංපෝෂිත කරනවා. වී වගාව, හේන් වගාව, එළවළු වගාව, තේ වගාව හා සුළු අපනයන භෝග ආදී සෑම දෙයකටම නොමිලේ පොහොර ලබා දෙනවා.
යොවුන් පරපුර වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන තාක්‍ෂණ විද්‍යාල ඉදිකරනවා. බණ්ඩාරවෙලට ඒ වාගේ ආයතන දෙකක් දෙනවා . එයින් එකක් ඇල්ලට දෙනවා. වට්ස්ඇප්, වයිබර්, වයිෆයි අන්තර්ජාල පහසුකම් අතින් ලෝකය දියුණු වෙනවා. ඇයි අපිට දැනුම නැත්තේ කියලා තරුණ තරුණියන් අහනවා. මේ තාක්‍ෂණය අගනුවරට පමණක් නෙවෙයි දෙන්නේ. සෑම ප්‍රදේශයකම මෙම ආයතන හදලා උගන්වලා ඩිජිටල් තාක්‍ෂණය යොවුන් පරපුරට ලබා දෙනවා. බණ්ඩාරවෙලට, ඇල්ලට වෙන වෙනම කර්මාන්ත පුර දෙකක් හදලා රැකියා දෙනවා .
දුගී දුප්පත් බව තුරන් කිරීමට තව දුරටත් කටයුතු කරනවා. දුගී දුප්පත් ජනතාව ශක්තිමත් කරනවා. ජව සම්පන්න ලෙස දීර්ඝ හා කෙටිකාලීන වැඩපිළිවෙළක් සකස් කරලා දුගී දුප්පත් බව තුරන් කරනවා .
පාසල් දරුවන්ට නිල ඇඳුමක් දීලා විතරක් නවතින්නේ නෑ. දිවා ආහාරයත් දෙනවා. සමහරු අහනවා සල්ලි තියෙනවද කියලා. සල්ලි තියෙනවා. මැති ඇමැතිවරුන්ගේ සුර සැප විඳීම නවත්තලා වාහන බලපත්‍ර දෙන්නේ නැතුව පිටින් ආහාර ගේන්නේ නැතුව සල්ලි ඉතුරු කරනවා.
නිදහස් නිවහල් සමාජයක් හදනවා. සෑම ත්‍රිරෝද රියැදුරෙකුටම ඇප නැතිව රුපියල් ලක්‍ෂ තුනක ණයක් දෙනවා.
මවුවරුන් සහ දරු පරපුර වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් හදලා, රැක බලා ගන්න වැඩසටහනක් හදලා, අඩු බර හා රක්තහීන දරුවන්ට පෝෂණය ලබා දෙනවා. ගර්භණී මවුවරුන්ට දෙන පෝෂණ මල්ල රු. විසිදහසේ සිට තිස් දහස දක්වා වැඩි කරනවා.
මේ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙන කවුරුත් ලියපු එකක් නෙවෙයි. මගේම අදහස් මගේම සංකල්ප තමයි මේ තියෙන්නේ. නූපන් දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම ශක්තිය ලබා දෙන්න හංසයා දිනවන්න.
මගේ ප්‍රතිවාදියාට මම ආරාධනා කළා විවාදයකට එන්න කියලා. වැඩ කරන හැටි ජනතාවට කියන්න. හැබැයි සජිත් එක්ක විවාදයකට බයයි.
වතු කම්කරුවන්ගේ සුබ සිද්ධිය නංවනවා. දෛනික දීමනාව රුපියල් 1500/ -ක් කරනවා.
පොඩි මිනිහා නැවතත් මේ රටේ රජ කරවනවා. ඒකට මේ බණ්ඩාරවෙල ජනතාවට මම ආරාධනා කරනවා ප්‍රේමදාසගේ පුතා එක්ක අත්වැල් බැඳ ගන්න කියලා.”
මෙම අවස්ථාවට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවැසුවේය.
‘‘මම අද මෙම රැස්වීම් භූමියට ආවේ ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ඇවිල්ලා. ඒ මම හදපු විද්‍යා පීඨ. ඒවා වහල දානවා කියලා ගෝඨාභය කියනවා.
අපි දෙමළ, ඉංග්‍රීසි ඇතුළු විෂයයන් හොඳින්ම උගන්වනවා. ඉදිරියේදී හොඳ විභාග ක්‍රමයක් ගේනවා. හැකියාවට ඉදිරියට යන්න දක්‍ෂයාට අපි ඉඩ දුන්නා. අපේ විභාගවල අඩුපාඩු තියෙනවා. ඒත් දක්‍ෂයාට විශ්වවිද්‍යාලයට යන්න අපි අවස්ථාව හදලා දුන්නා. ගෝඨා කියන්නේ විශ්වවිද්‍යාල කැන්සල් කරනවා කියලා. උපාධි පමණක් දෙනවලු. විද්‍යා පීඨ වැහුවම ගුරුවරුන් තෝරා ගන්නේ කොහොමද? ඒකට මන්ත්‍රීගෙන් ලියුමක් ඕනෑ. ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 21 වැනි පිටුවේ තියෙනවා විද්‍යා පීඨ වහල දානවා කියලා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
සෑම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනපති කාර්ය සාධක ඒකකයක්
මින් පෙර කිසිදා නොදුටු සංවර්ධනයක් ඇති කරනවා..
   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment