Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

11 වැනිදා හිරු සළකුණ 8 වැනිදා රෙකෝඞ් කරලා..


හිරු ටී වී ඔස්සේ විකාශය කෙරෙන සළකුණ දේශපාලන සංවාදය ස`දහා එළඹෙන 11 වන දින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන්නට නියමිත බව පූර්ව ප‍්‍රචාරයන් තුළින් දැනුම් දී තිබූ අතර එය සජීවී සාකච්ඡුාවක් ලෙස පැවැත්වෙන බවද සදහන් කර තිබිණ.

ත්‍කසේ වුවද සජීවී සාකච්ඡුාවන්හිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති පිළිතුරු දීමේ අපහසුව හා සජීවී ඇමතුම් හරහා පේ‍්‍රක්ෂකයන් අසන් ලබන ප‍්‍රශ්න වලට පිළිතුරු දීමේදී ඇතිව අපහසුතාව හේතුවෙන් එම වැඩසටහන අද දින හිරු නාලිකාවේ පටිගත කර ඇති බව දැනගන්නට ඇත.

එහිදී එම පටිගත කළ වැඩසටහනේ බොහෝ කොටස් ඉවත් කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත. 

11 වැනිදාට විකාශය වීමට නියමිත මෙම වැඩසටහන 100%ක් සජීවී වැඩසටහනක් ලෙස පෙන්වීමට අවශ්‍ය ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය ප‍්‍රයෝග මේ වන විටත් සැළසුම් කර ඇති අතර සජීවී දුරකතන ඇමතුම් ලබා දෙන අයුරින් දුරකතන ඇමතුම්ද මෙම වැඩසටහන සදහා අන්තර්ගත කර ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් ස`දහන් කරයි.

තවද එම සජීවී විකාශය පවතින දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිරු ආයතනය තුළ රැ`දී සිටිය යුතුම බව පවසා ඇති පාලනාධිකාරිය එසේ නොවුව හොත් ඒ පිළිබ`දව ජනතාව දැනගනු ඇති බවද පවසා ඇත.

කෙසේ වුවද මේ වන විට හිරු මාධ්‍ය ජාලය සහ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන්නට යන මේ ජනතාව රැුවටීමේ වැඩසටහන පිළිබ`දව රටම දැනගතු ඇති අතර ඒ හේතුවෙන් සමහර විට එම වැඩසටහන නැවැත්වීමට හෝ වෙනත් මගකට යොමු කිරීමටද ඔවුන් පියවර ගනු ඇත.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment