Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මඩකළපුවේ පිපිරවීමක් සිදුකිරීමට පිල්ලෙයාන් කල්ලියට කොන්ත්‍රාතුවක්?


මඩකළපුව ප්‍රදේශයෙහි යම් බෝම්බ පිපිරවීමක් සිදුකිරීම සඳහා නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සන්නද්ධ කල්ලියට කොන්ත්‍රාතුවක් ලබාදී ඇති බවට තොරතුරු ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. 

අද දිනයේ ඉදිරි දින දෙක තුළ සිදු කිරීමට නියමිත පිපිරවීමක් සම්බන්ධ මෙම තොරතුරු ඉන්දීය රහස් ඔත්තු සේවාවන් විසින් ද තහවුරු කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඒ අනුව ප්‍රහාරය වළක්වාගැනීම සඳහා මේ වනවිට සියලුම ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තබා ඇති බව ද වාර්තා විය. 

පිල්ලෙයාන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ දෙමළ විමුක්ති මහජන කොටි පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් සිටී. 

පිල්ලෙයාන් සිරගතව සිටින්නේ ද රාජපක්ෂලාගේ වුවමනාවන් වෙනුවෙන් සිදුකළ දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් වන අතර හිටපු කොටි සාමාජිකයින්ගෙන් සමන්විත ඔවුන්ගේ සන්නද්ධ කල්ලිය රාජපක්ෂ පාලන සමයේදී ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි නමුත් ඔවුන්ව නිසි පරිදි නිරායුධ කිරීමක් සිදු කෙරුණේ නැත. 

[LNW]



    Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment