ඉදිරි මහමැතිවරණය ‘පොහොට්ටුව’ ලකුණ යටතේම තරග කළ යුතු බවට පක්ෂයේ බිම්මට්ටමේ නියෝජිතයන්ගෙන් විශාල වශයෙන් එහි නායකයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ඉතා කෙටිකලකින් පොහොට්ටුව ලකුණ ජනතාව වැළදගත් බවත්, ජනාධිපතිවරණයක් ඇතුළු ප්රධාන පෙළේ මැතිවරණ 2ක්ම ජයග්රහණය කිරීමට එම ලකුණට හැකියාව ලැබුණු බවත්ය. ඒ අනුව කිසිසේත්ම මහමැතිවරණය වෙනත් ලකුණක් යටතේ තරග කිරීමට කටයුතු නොකරන ලෙස ඔවුන් පොහොට්ටු ප්රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණය සදහා ශ්රීලනිපය හා පොහොට්ටුව සන්ධානගත වීමේදී ඇතිකරගත් ප්රධාන කොන්දේසියක් වූයේ ජනාධිපතිවරණය පොහොට්ටුවෙන් තරග කළද මහමැතිවරණය පුටුව ලකුණ යටතේ තරග කළ යුතු බවකි.
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
0 comments:
Post a Comment