ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගැනීමට නම් ඊට නව නායකත්වයක් අවශ්‍ය බවට බහුතර දෙනා විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට වහාම අලුත් නායකත්වයක් අවශ්‍ය බව මුළු රටම පිළිගෙන ඇති බවත් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වීමට නම් අනිවාර්යයෙන්ම එය සිදු විය යුතු බවත් ඒ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ අප්‍රේල් මාසයේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් නායකත්ව ගැටළුව කඩිනමින් විසඳිය යුතු බවයි.
එසේම කිසිදු පක්ෂයකට අධික බලයක් ලබා දිය යුතු නැති බවත් එයින් සිදු වන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමක් බවත් ඒ මහතා කියා සිටියේය.
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
0 comments:
Post a Comment