Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සජිත් සමඟ කතාකරලා තීරණයකට එන්න රනිල් කැමතියි-විජයපාල

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය.
“CID නිලධාරීන්ට බාධා පැමිණවීම සාධාරණද? ශානි ප්‍රභාකරන්ට එරෙහිව විමර්ශනත් කළා. අද ඔහුව පියන් කෙනෙක් හැටියට දාලා සමහර හාමුදුරුවරු කියනවා ඔහුව අත්අඩංගුවට ගන්නලු. මේ දඩයම වහාම නතර කළ යුතුයි. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන. මෙච්චර ආරක්ෂාව තියෙන රටේ හොයන්න බැරිද?
MCC ගිවිසුම සංශෝධනය කරලා ගේනවාලු. පුළුවන් නම් පාර්ලිමේන්තුවේදී කියන්න“
ප්‍රශ්නය:-ඔබතුමන්ලාගේ නායකතුමා අද පක්ෂ මූලස්ථානයට ආවා එතුමා මොනාහරි සාකච්ඡා කළාද?
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා:- මන්ත්‍රීවරුන්ගේ තීරණයට එතුමා එකඟයි. විපක්ෂ නායක ධුරය මන්ත්‍රීවරුන් 57ක් ඉල්ලුවා. සජිත් සමග කතාකරලා තීරණයකට එන්න කැමතියි. සජිත් අද මේ ගැන ප්‍රතිචාරයක් දක්වාවි
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව ආරම්භයේදීම විපක්ෂ නායක ධුරය සජිත්ට ලැබෙනවාද?
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා:- තවම එතුමාගේ උත්තරය දීලා නැහ“
   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment