Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බලයේ ඉන්න අයට වාසි වෙන්න මැතිවරණ හසුරවනවා-පුබුදු..


බලයට පත්වන සියලු ආණ්ඩු තමන්ට වාසී සහගත ලෙස පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මේ වන විට පළාත් සභා අවශ්‍යය ද යන සංවාදය ඇති කර ඇතැයි ද පැවසීය.
රාජ්‍ය බලයේ තීන්දු තීරණ ගැනීමේ බලයේ කොටසක් ජනතාවටත් ලබා දීම අරමුණක් නම් ඒ සඳහා පවත්නා ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තු ව්‍යුහය නොගැළපෙන බවත් ඒ මහතා කියා සිටියේය.නමුත් පළාත් සභා අවශ්‍යය ද යන සංවාදය ගෙන එනු ලබන්නේ, හිටපු ආණ්ඩුවට පළාත් සභා මැතිවරණ පැවැත් වීම අවාසි සහගත වී එය කල්දැමීමට අවශ්‍යව ඇති මොහොතක බවද පැවසු පුබුදු ජයගොඩ මහතා, එනිසා මෙය කිසිසේත්ම සත්භාවයෙන් ගෙන එනු ලබන සාකච්ඡාවක් නොවන බවද පැවසීය‍.
මීට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ ඔවුන් අනුගමනය කළ උපාය මාර්ගය වන්නේ, මැතිවරණය කල් තියා ගෙන ඒම බවද පැවසු ඒ මහතා, රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ උපාය වුයේ මැතිවරණ කල්දැමීම බවත් කියා සිටියේය. නව නීතියක් සම්මත වී ඇති බැවින් පෙර පැවති ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත් විය නොහැකි බවත් පැවසු ජයගොඩ මහතා, සීමා නීර්ණය ගැසට් කර නොමැති බැවින් නව ක්‍රමයට ද මැතිවරණය පැවැත් විය නොහැකි බව සඳහන් කළේය.
මැතිවරණ හසුරවනු ලබන්නේ බලයේ ඉන්න අයට වාසි වෙන විදියට බවත් එය කිසි විටෙකත් තවදුරටත් ජනතා මතය පරීක්ෂා කිරීමක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment