Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ආරක්ෂාව ගැන විශ්වාසය රැකිය යුතුයි-ආරක්ෂක ලේකම්..

නව රජය යටතේ පවතින ආරක්ෂාව පිළිබඳව රටේ ජනතාව දැඩි විශ්වාසයකින් පසුවන බැවින් එය රැකීම සියලු අංශවල වගකීමක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ අද(09) යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදීය.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිය පත්වීම ලැබීමෙන් පසු ප්‍රථම වතාවට අද පැලවත්ත අකුරේගොඩ පිහිටි නව යුධ හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්මින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව පැවසීය.
“2009 මැයි 19 වන දින කීර්තිමත් ජයග්‍රහණයට අපි සියල්ලෝම දායක වුණා.ඒ වගේම එල්.ටී.ටී.ඊ ය යුධමය වශයෙන් විනාශ කළා.
රජය වෙනස් වීමත් සමගම වැඩ කරපු ජනතාව දේශපාලනිකව දඩයම් කිරීමට පටන් ගත්තා. ඒ තුළින් ප්‍රසිද්ධ වුණු රණවිරු දඩයම වචනය දේශිය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදුන්නා.
අපි කීර්තිමත් ජයග්‍රහණයේ 10 වන සංවස්තරය සැමරීමට සිටියා.නමුත් ඒ ජයග්‍රහණය කුරුණෑගලදී සැමරීමට දින 28 කට කලින් මුළු රටම උඩුයටිකුරු  වුණා. මරාගෙන මැරෙන බෝම්බ 08 ක් පිපිරුණා.
මේ නිදහස් හා සාමකාමී රටට වුණු අපි ආපසු හැරී බලන විට හරිම දුකයි නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම හැර අන් කිසිවක් නැත. 290 කට අධික අහිංසක මිනිසුන් ,කාන්තාවන්, දරුවන් , විදේශිකයින්ටද සුනඛයන්ට මෙන් මැරෙන්න සිද්ධවුණා.
ජනාධිපති රාජපක්ෂ මහතා ජනාධිපති අසුනට තේරීපත්වුණා. හේතුව මේ රටේ ජනතාව ඔහු පිළිබඳ විශාල විශ්වාසයක් තැබුවා.මිනිස්සු හිතුවා ඔහු නැවත මෙවන් ඛේදවාචකයක් සිදු වන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මේ රටේ ජනාධිපති වුණාට පස්සේ මාව මේ රටේ ආරක්ෂක ලේකම් ලෙස පත් කළාට පස්සේ සහ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළාට පස්සේ මේ රටේ ජනතාව හිතනවා ඒ අය ආරක්ෂිත දෑත් අතර සිටිනවා කියලා.
ඒ වගේම ජනතාව අපිව විශ්වාස කරනවා. ඒකම නැවත නැවතත් සිදුවුණොත් නම් මතක තබා ගන්න මිත්‍රවරුනි අපිට පාරේ බැහැලා යන්න වෙන්නේ නෑ“
   Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment